රතු රත්තරං ලෙස සැලකෙන කුංකුම වගාව කාශ්මීරයෙන් ඔබ්බට

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව තුළ වැඩි අවශ්‍යතාවයක් ඇති  කුංකුම වගාව හිමාචල් ප්‍රදේශ් හි කාශ්මීරයෙන් ඔබ්බට ව්‍යාප්ත කිරීමට සේම, උසස් තත්ත්වයේ  කුංකුම රෝපණ ද්‍රව්‍ය විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට නවීන පටක රෝපණ විද්‍යාගාරයක් පිහිටුවීම සඳහාත්, විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය (CSR) සමඟ සම්බන්ධව කටයුතු ආරම්භ කර තිබේ.
විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රබෝද් කුමාර් ත්‍රිවේද් සඳහන් කරන්නේ ඉන්දියාවේ වාර්ෂික කුංකුම (සැෆ්රන්) නිෂ්පාදනය හෙක්ටයාර් 3 674ක භූමි ප්‍රමාණයකින් ටොන් 9- 13 අතර උච්චාවචනය වන ප්‍රමාණයක් බවයි. එය ඉන්දියාවේ වාර්ෂික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවන අතර ඇෆ්ගනිස්ථානය, ස්පාඤ්ඤය හා ඉරානය වැනි රටවලින් රුපියල් කෝටි 184 ක වටිනාකමින් යුත් සැෆ්රන් ටොන් 22ක් ආනයන කරන බව ද ඔහු පවසා තිබේ.
මේ හේතුව නිසා සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල කුංකුම වගාව ප්‍රවර්ධනය කොට ඵලදායිතාව ඉහළ නංවා ආනයනය නැවැත්වීමට උත්සාහ කරන බව ද අධ්‍යක්ෂවරයා පවසයි.
සැෆ්රන්, මුහුදු මට්ටමේ සිට මීටර් 1500ත් 2800ත් අතර වියලි, සෞම්‍ය දේශගුණයක් තුළ වර්ධනය වේ. ශීත සෘතුවේදී හිමවලින් වැසෙන ප්‍රදේශ කුංකුම පිපීම සඳහා සුදුසු වේ. ඊට අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය වන්නේ 16-20 කි.
එවැනි ආකාරයේ සැෆ්රන් වගාවට සුදුසු භූමි ලෙසින් භාර්මූර්, කින්නාවූර්හි සංග්ලා නිම්නය, කුලු හි නිර්මන්ඩ්, මැන්ඩි හි ජන්ජෙලි යන ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි ‘the journo view ’ වාර්තා කර ඇත.

Exit mobile version