රතිඳු සේනාරත්න ( රැට්ටා) යළිත් අත්අඩංගුවට…

ගෝල්ෆේස් ජන අරගලයේ ප්‍රධාන ක්‍රියාකරුවෙක් වූ රතිඳු සේනාරත්න ( රැට්ටා)  අද (01) සවස යළිත් වරක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත්තේය.

පසුගිය 13 වැනිදා  පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ පොල්දූව මංසන්ධියේ දී ඇති වූ ගැටුම සම්බන්ධව පැතුම් කර්නර් ගේ මැදිහත්වීම ගැන කටඋත්තරයක් ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසයට  කැඳවූ රතිඳු සේනාරත්නගෙන්  ප්‍රකාශය සටහන් කරගෙන ඔහුව පිටත් කළ හැරිය පසු  එම ස්ථානයට නුදුරේදී ඔහුව කොළඹ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් ඇති බවත් අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ පසුගිය මැයි 21 වැනිදා අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් කිරීම බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

Exit mobile version