රත්තරං ගෙනා මන්ත්‍රී අලි සබ්රි නැවතත් ඩුබායි පනී

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සංචාරයක් සඳහා පෙරේදා 25 රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග කියා සිටියි.

කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථන අනූඑකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඉකුත් 23 වැනි දා අත්අඩංගුවට ගෙන ලක්ෂ 75කදඩ ගැසූ ඔහු සිද්ධියට දින කීපයකට පසු මෙසේ විදෙස් ගත වී ඇතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

ෆලයිඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් ගුවන් යානයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපලේ නිලධාරියෙක් පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් රැගෙන ආ රත්තරන් සහ ජංගම දුරකථන තොගය රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරනු ලැබීය.
-ලංකාදීප


Exit mobile version