රත්ගම විදුරගේ කුඩු කිලෝ 100ක් වැලිගමදී අල්ලයි

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලීමකින් ගාල්ල වැලිගම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 100කට අධික වටිනාකමැති හෙරොයින් කිලෝ 100ක් සමග සැකකරුවන් තිදෙනෙක් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්කුඩු තොගය ඉතාලියට පලාගොස් සිටින දකුණේ පාතාල ප්‍රබලයකු වන රත්ගම විදුර නැමැත්තා විසින් මෙහෙයවන ලද මත්කුඩු ජාලය පිළිබඳ විශේෂ කාර්ය බලකාය දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද විමර්ශනයකට අනුව සිදුකරන ලද වැටලීමකිනි.

මෙම හෙරොයින් තොගය කුරුදු වත්තක දී හුවමාරුවක් සිදු වන අවස්ථාවේ විශේෂ කාර බලකාය එම ස්ථානයට ගොස් අත්අඩංගුවට ගැනීම කර තිබේ.


මේවා රැගෙන විත් ඇත්තේ පාකිස්තානයේ සිට දකුණු මුහුදු මාර්ගය ඔස්සේ වන අතර ඒවා රැගෙන විත් සඟවා තිබී ඇත.

සැකකරුවන් දෙදෙනෙක් දකුණේ පදිංචිකරුවන් වන අතර එක් අයෙක් කොළඹ පදිංචි අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන්ගේ මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

Exit mobile version