“රණවිරුවන් විදුලි පුටුවට යවන බවට එදා චෝදනා කළ දේශපාලකයෝ අද රටම විදුලි පුටුවට යවලා”

අපි පුරවැසියෝ සංවිධානය කියයි

යුගදනවි බලාගාරයේ 40% කොටස් ඇමරිකන් සමාගමට දීමෙන් සමස්ත රටම විදුලි පුටුවට යවා ඇතැයි අපි පුරවැසියෝ සංවිධානනයේ ලේකම් ආනන්ද පාලිත මහතා පවසයි.

ඔහු පවසන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම බලයට පැමිණීමට පෙර දේශපාලන වේදිකාවේ රණවිරුවන් විදුලි පුටුවට යවන බවට එවකට ආණ්ඩුවට චෝදනා කළ ද දැන් ඔවුන්ම රටම මෙලෙස කොටස් පැවරීම මගින් විදුලි පුටුවට යවා ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අපි පුරවැසියෝ සංවිධානයේ ලේකම් ආනන්ද පාලිත මහතා .


“අපේ රටේ යුගදනවි බලාගාරය 17වැනි දා මධ්‍යම රාත්‍රියේ භාන්ඩාගාරය සතුව තිබූ 40% ක කොටස් රටේ වලංගු කිසිදු නීතියකට අදාළ නොවන ලෙස විකිණීමේ දේශද්‍රෝහී වැඩබිම් විරෝධී ක්‍රියාවලිය මේ රජය වහාම හකුළාගත යුතුයි .ඒ සඳහා සමස්ත වැඩබිම රජයේ දේශීය සම්පත් කුනු කොල්ලයට විදේශයන්ට විකිණෙමින් ඩොලර් කොමිස් වෛරසය රටට දිරවීමේ ක්‍රියාවලිය නතර විය යුතුයි.

වර්තමාන ජනාධිපතිතුමා සමස්ත වැඩ බිමේ ම ඡන්දය ගත්තේ ප්‍රකාශයක් සමාජගත කරලා සම්පත් සියල්ල රටට පවරා දෙනවා කියලා. අද වෙන්නේ රටේ සම්පත් සියල්ල කිසිදු සාධාරණ හා යුක්ති සහගත නොවන ලෙස විදේශීය ගත කිරීම .ආණ්ඩුව ආවේ ජාතික ආරක්ෂාව ආර්ථිකය සමස්ත ජනතාවගේ සුරක්ෂිතභාවය ඇති කරනවා කියලා .

ඉතිහාසයේ පළමු වරට මහින්ද රාජපක්ෂ මැතිතුමන් කියපු ප්‍රකාශයක් තිබුණා. ඔහුගේ කණ්ඩායමේ ප්‍රකාශයක් තිබුණා. එය රණවිරුවන්ව ඇමරිකාවේ විදුලි පුටුවට යවනවා කියලා පසුගිය පාලනය සත්‍ය වශයෙන් ම මෙරට ජනතාව ඇමරිකන් විදුලි පුටුවට 17 වෙනිදා රාත්‍රියේ යුගදනවි බලාගාරයේ 40% කොටස් ඇමරිකන් සමාගමට දීමෙන් සමස්ත රටම විදුලි පුටුවට අදහස් දක්වලා තියෙනවා මෙම බලාගාරය ඉදි කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එය 2010 වර්ෂයේදී ඒ 23% දශමයක මුදල් පොම්ප කරන්නේ මේ රටේ හතළිස් ලක්ෂයකට අධික සේවා අර්ථ සාධක අරමුදලෙන් එහි අති බහුතරයකට තියෙන්නේ සොච්චම් වැටුපක් මෙය ලාභ ලබන බලාගාරයක් මෙයට ගෙන්වන ඉන්ධන වෙනස් ඉන්ධනයක් එය ගෙන්වන්නේ තෙල් සංස්ථාව හරහා මෙම ගිවිසුම ආණ්ඩුව දන්නේ නැහැ කියනවා නම් ඇමතිවරු දන්නේ නැහැ කියනවා නම් එය පට්ටපල් බොරුවක් සහ විශාල රැවටීමක්.

මේ අවුරුද්දේ ජූලි 4 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඉතාමත් පැහැදිලිව මේ හෙළි කරා එහිදී 51% කොටස් ලබාදෙන බව සඳහන් වුණා නමුත් රටට ආදරය කරන සැබෑ නිලධාරීන් අතළොස්සක් නිසා ඔවුන්ගේ හෙළි කිරීම් තුළින් සමාජගත වුණා එහිදී තමයි 40% උනේ එම සමාගම ජූලි 4 වැනිදා මාධ්‍ය නිවේදනයක් මගින් කිව්වා ස්වභාවික ගැසූ යුගදනවි බලාගාරය ට සපයන්නේ අපි කියලා අපේ තියෙන තර්කය ඒක නෙමෙයි කිරීමේ කොන්දේසි වෙනස් කරන්න කියන එක නෙමෙයි මේක රටේ සම්පතක් මේ ආණ්ඩුව ආවේ ජාතික සම්පත් විකුනපු වා නැවත ගන්නවා කියලා ඒකයි

වැඩබිම් ඡන්දය දුන්නේ ත්‍රිකුණාමල ටැංකි ටික අපිට ගන්නවා කිව්වා l i o c අවුරුද්ද විස්සක් දුන්න එක අපිට ගන්නවා කිව්වා හැබැයි අද එය කණපිට ගහල මේක රාජපක්ෂ යුගයේ සැලැස්මක් සමස්ත බලශක්තිය ම විදේශීය රටවලට දීමේ පැහැදිලි සැලැස්මක් වර්තමාන ආණ්ඩුවට තිබෙනවා එය වගකීමෙන් කියනවා ඛනිජතෙල් ඇමති තුමා පාර්ලිමේන්තුවට හොරෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හොරෙන් වෘත්තීය සමිති වලට හොරෙන් කැබිනට් පත්‍රයක් අනුමත කර ගත්තා තෙල් සංස්ථාවේ අවුරුදු 61 වෙන පනත සංශෝධනය කරලා විදේශීය සමාගම් වලට ඉතුරු ටිකත් ලබාදෙන්න මෙය අහඹු සිදුවීමක් නොවෙයි රාජපක්ෂ සැලැස්මක් එය බලශක්තිය විදේශයන්ට ලබාදෙන්නයි කොටසක් චීනයටත් කොටසක් ඉන්දියාවටත් කොටසක් ඇමරිකාවටත් ලබා දෙන්න කටයුතු කරනවා.

ඊයෙ ආන්ඩුවේ නාලිකාවල විමල් වාසු දේව ඇමතිවරු තිස්ස විතාරණ ඇමතිවරුන් කියන කතන්දර තුලින් ඉතාමත් පැහැදිලියි මේ දැනුවත්ව සිදුවූ බව මෙය උත්සාහ කරන්නේ වගන්තිය ඉවත් කරන්නයි ඔබලාට ලැබුණු 69 ලක්ෂ සුරක්ෂිත කරගන්න යළිත් විදේශීය ආධිපත්‍යයට යටත් කරන්න එපා වැඩ බිම් වහලුන් බවට පත් කරන්න එපා මේ රාජපක්ෂ කොමිස් වෛරසය ඉතාම දරුණුයි ලෝකයට කොවිඩ් ආවා හැබැයි මේ අවුරුද්දේ අප්‍රේල් 10වෙනිදා ආණ්ඩු කරපු රාජපක්ෂ රජය කරපු ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිසා තමයි අද 10000ක් වටිනා පරම්පරාව කෝවිඩ් වලින් මිය ගියේ එසේ කියන්නේ පැහැදිලිව මාධ්‍යයට ඇවිත් කිව්වා සංචරණ සීමා අවශ්‍ය නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවුරුද්ද සමරන්න කියලා එහිදී එන්නත ලබා දීලා තිබුණේ 5%ට අඩු ප්‍රමාණයක් එසේනම් රාජපක්ෂ කෝවිඩ් වෛරස ඒ මේ මරණ සහ කෝවිඩ්රෝගීන් බෝ කිරීමේ වගකීම බාරගත යුතුයි ඒ අස්සේ මේ ගැන අප හදිසි නීතිය තුලින් පැහැදිලි රාජ්‍ය සම්පත් විකුණමින් ජනතාවගේ ආරක්ෂාව ආර්ථිකය විදේශිකයන්ට නතු කිරීමේ සැලැස්මක් මර්දනය කරන්න ගෙනාපු පනත. අපි දැක්කා පෙරෙදා චාල්ස් සහෝදරයා කොටුවේ ස්ටේෂන් එක ලග නිවැරදිව කෝවිඩ් ආරක්ෂිතව අහිංසක ඉල්ලීමක් කරා එයට බාර් අස්සේ මිනිස්සු පොර කන එක නතර කරන්න කියලා නමුත් පොලිසියට බැහැ එක්කෙනෙක්වත් අත්අඩංගුවට ගන්න හැබැයි තේ කඩයේ සිල්ලර වෙළදාම අවසරය නොදී එම චාල්ස් සහෝදරයා කුදලගෙන ගියා එසේ නම් පේනවා අද නිල ඇඳුම කොතරම් වන්දිභට්ට කම් කරන්න රජය මර්දනය කරන්න පාවිච්චි කරනවද කියලා අපි කියන්නෙ වැඩ බිමයි මේ තුළින් අසරණ අපි මේවා එකිනෙක ඉදිරියට ගේනවා”

Exit mobile version