රට නොසන්සුන් නොකර කලට වෙලාවට ඡන්දය තියන්න… මහා නා හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති!

පළාත් සභා මැතිවරණය නිසි කලට පවත්වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීම බවත් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීම  බවත් මල්වතු අස්ගිරි  මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා තිබේ.

උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ සමස්ථ බර මහජනතාව මත නොපවරා රාජ්‍ය මූල්‍ය නිසි කළමණාකරණය, දූෂණය පිටු දැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතා වීම වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩාව අවම කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි  ද එම නිවේදනයෙන් මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

උන්වහන්සේලා දන්වා සිටින්නේ ජීවන වියදම ඉහළ යෑමෙන් සිදුවන සමාජ පරිහානිය හා අරාජිකත්වය පිළිබඳ සූත්‍ර සාහිත්‍යගත කඋටදන්ත, චක්කවත්තී සීහනාද සූන්‍රවලින් මනාව විස්තර කර ඇති බවය.

පවතින ගැටලු පිළිබඳ ඇතිවන මහජන විරෝධතාව රට තුළ දේශපාලන ආර්ථික හා සමාජයීය අස්තාවරයත්වයක් ඇති කිරීමේ අරමුනින් ක්‍රියා නොකළ යුතු බවත් පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී පොදු සමාජ වැඩ පිළිවෙළක අවශ්‍යතාවයත් මහා නායක හිමිවරු සිය ලේඛනයෙන් අවධාරණය කරති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version