රට ගිනි ගනිද්දී මන්ත්‍රීවරු ඇමති ධුර පොරයක… හිටපු ඇමතිවරු මහමැතිවරණයක් ඉල්ලති…

Parliment

රටත් ජනතාවත්  බිහිසුණු පීඩාවට පත් වී සිටිද්දී  එම අර්බුදය ගැන මැදිහත් වීම පසෙක තබා  රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර ලබා ගැනීමට අපේක්ෂාවෙන් ඒ පිළිබඳව  බලාපොරොත්තු සහගතව සිටි මන්ත්‍රීවරු පිරිසක් පොරොන්දු වූ තනතුරු නොලැබීම සම්බන්ධව විමසීමට  ජනාධිපතිවරයා හමුවී  තිබේ.

ඇමති අපේක්ෂා බිඳ වැටුණු  මන්ත්‍රීවරු විශාල පිරිසක් මේ වනවිට කලකිරිමට පත්වී  රජය විවේචනය කරන තැනකට පත් වී ඇතැයි   ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එමෙන්ම පසුගිය රජයේ ඇමති ධුර දැරූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද අභ්‍යන්තරයේ රජයට බලපෑම් කරමින් දැඩි විවේචනාත්මකව හැසිරෙන අතර ඔවුන් වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස රජයට බලපෑම් කරන මට්ටම පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහාම පොදු ජන පෙමුණේ මෙන්ම අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර ඔවුන්ට වහාම ඇමතිකම් ලබා දෙන බව පවසා ඒ සඳහා සූදානමින් සිටින  ලෙස දැනුම් දී තිබිණි.


ජනාධිපති සහ අගමැති මෙන්ම ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ පොරොන්දු පරිදි විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ද ආණ්ඩුවට එක්වීමට  එකඟත්වය පලකළේය.

කඩිනමින් ඇමති ධුර ලබා ගැනීමට ඔවුන්ගේ පක්ෂවල අනුමැතියකින් තොරව ආණ්ඩුව සමග එක්වූ සහ ස්වාධීන වූ පිරිසක්    මේ වනවිට ආණ්ඩුව කෙරෙහි දැඩි කලකිරීමටපත්ව ආණ්ඩුව විවේචනය කරමින් සිටින බවත් තවත් කණ්ඩායමක් තමන්ට එම තනතුරු යෝජනා කළ පිරිස් පසුපස යමින් සිටින බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමේ අපේක්ෂාවෙන් තව දුරටත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර පත් කරගැනීම ප්‍රමාද වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි පරිසයක ඇමති ධුර අපේක්ෂාවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර පත්කිරීමට කයුතු කරන  බව ජනාධිපිත ලෙකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version