රටේ වෘත්තීය වේදීහු සේවයෙන් බැහැර වෙති… සෞඛ්‍ය, වරාය, බැංකු, රාජ්‍ය පරිපාලන, විදුලය, සරසවි පද්ධතිය අඩාලයි!

මහා සංඝයා වහන්සේ 13ට එරෙහිව සතර දෙසින් කොළඹට වඩිති....

රටේ ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව ප්‍රධාන වෘත්තීයවේදීන් නියෝජනය කරන වාත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද( 8 ) බදාදා විරෝධතා දිනයක් ප්‍රකාශක කර ඇත.

ඖෂධ හිඟයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම සහ රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව රජයේ වෛද්‍යවරු අත්‍යාවශ්‍ය හදිසි සේවා හැර රාජ්‍ය හා පුද්ගලික අංශයේ සියලුම ප්‍රතිකාරවලින් ඉවත් වී එක් දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ. අනතුරුව අද පස්වරුවේ කොළඹ හයඩ් පිටියේ පැවැත්වෙන විරෝධතා රැස්වීමට ඔවුන් එක් වීමට නියමිතය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
විදුලිය, ජල සම්පාදන, ඛනිජ තෙල් සහ වරාය යන ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අද (8) පස්වරුවේ කොළඹ කොටුවේ දී ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙති.

වරාය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති උදෑසන සිට අකුරට වැඩ කරන බව ප්‍රකාශ කර ඇති අතර, පස්වරුවේ විරෝධතාවයට එක්වීමට නියමිතය.


ජල සම්පාදන, ඛණිජ තෙල් හා විදුලිබල සම්පාදන අංශයේ වෘත්තීය සමිති අද (8) අසනීප නිවාඩු ලබා සේවයට වාර්තා නොකර විරෝධතාවයට එක්වන බව නිවේදනය කර ඇත.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නිවේදනය කර තිබේ. ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගම් ද අද ලෙඩ නිවාඩු වාර්තා කරන බවට ලිඛිතව දැනුම් දී ඇත.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්, විශ්වවිද්‍යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතුළු අනෙකුත් ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් රැසක් අඩාල වීමට නියමිතය.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණ ඉංජිනේරු සහ අධිකාරී සංගමය ප්‍රකාශ කළේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහි විරෝධතාවට සහය පළ කළද බාධාවකින් තොරව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර මහා නායක හිමිවරුන්ගේ ආඥාව අභිබවා යමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධය පෑම සඳහා මහා සංඝයා වහන්සේ දහස් ගණනක් හතර දෙසින් අද කොළඹට වැඩම කරන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ පැවසූහ.

Exit mobile version