රටේ මහා සංඝරත්නයේ 2/3ක් නියෝජනය කරන නිකායන්ට පාස්කු වාර්තාව දී නෑ

මෙරට තුනෙන්‌ දෙකක්‌ වූ මහාසංඝරත්නය නියෝජනය කරන ප්‍රධාන භික්ෂු නිකාය දෙකක්‌ වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන දෙනිකායේ මහානායක මාහිමිවරුන්‌ වෙත පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මෙතෙක් බාර දී නැතැයි වාර්තා වේ.

ඒ බව ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයෙහි ඉතාමත්‌ ඛේදනීය මනුෂ්‍ය ඝාතනයක්‌ සිදු වූ පාස්කු ඉරිදා සංහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන්‌ සභා වාර්තාව පසුගිය දා නිකුත්‌ වූ අතර, එම වාර්තාව මල්වතු-අස්ගිරි දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන්‌ වෙත හා කාදිනල්‌තුමන්‌ වෙත භාර දි තිබුණි.


එහෙත්‌ මේ රටේ තුනෙන්‌ දෙකක්‌ වූ මහා සංඝරත්නය නියෝජනය කරන ප්‍රධාන භික්ෂු නිකාය දෙකක්‌ වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන දෙනිකායේ මහානායක මාහිමිවරුන්‌ වෙත භාර දී නොතිබුණි. එයින්‌ අපට හැගෙන්නේ රජය විසින්‌ මෙම දෙනිකාය නොසලකා හැර ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටක ගැටළු විසඳීමේ දී රජය මීට වඩා අපක්ෂපාතීව හා මධ්‍යස්ථව ක්‍රියා කළ යුතු බව අපගේ හැඟීමයි. එහෙයින්‌ ඒ පිළිබඳව අපගේ බලවත්‌ අප්‍රසාදයත්‌ කණගාටුවත්‌ මෙයින්‌ පළ කර සිටිමු.”

Exit mobile version