රටේ දේශපාලනයට මැදිහත් වන්නැයි දෙමළ පක්ෂ මෝදිට යවන ලිපිය ඉන්දීය මහකොමසාරිස්ට භාර දෙයි!

දිනසේන  රතුගමගේ –

උතුරු නැගෙනහිර  දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න වලට විසදුම් ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත  ලියන ලද ලිපියක් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විසින් ඊයේ ( 19 ) භාර දී ඇත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී බාර දුන් මෙම ලිපියට දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ පක්ෂ කීපයක්ද මුස්ලිම් පක්ෂ කීපයක්ද අත්සන් තබා ඇත.

දෙමළ  භාෂාව කතා කරන දේශපාලන පක්ෂ වශයෙන්  එක් වූ දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයින් මේ ලිපියෙන් ඉල්ලා සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මෙතෙක් නොවිසඳුනු  ප්‍රශ්න විසදා දීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැදිහත් විය යුතු බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලයන් සහිතව යළි සංශෝධනයකට පත් කොට ඒ ඔස්සේ උතුරු නැගෙනහිර පළාත් සඳහා පළාත්  සභා මැතිවරණය පවත්වන ලෙසද ඉන් ඉලීමක් කොට තිබේ.

Exit mobile version