රටේ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් 800යි… දැඩි සත්කාරවල 120යි

covid

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ඔක්සිජන මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය සදහන් කරයි.

ජූනි 01 වන දින වනවිට ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 400ක් වූ නමුත් එය දින 15ක් තුළදී එනම් ජූනි 15 වන දින වන විට 756ක් දක්වා වර්ධනය වී ඇතැයි සංගමයේ වෛද්‍ය හංසමාල වීරසූරිය සඳහන් කරයි.

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද ඔහු පෙන්වාදේ.

මේ අතර දැඩිසත්කාර ඒකකයන් හී ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 160ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද වෛද්‍ය හංසමාල සඳහන් කරයි.

මෙම සංඛ්‍යාව මැයි 16 වන දින වන විට 120ක් වූ නමුත් ජූනි 13 දා වන විට දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබිය යුතු කොවිඩ් රෝගීන් 40ක් වැඩි වී ඇතැයිද හෙතෙම පැවසීය

Exit mobile version