රටවල් 6කට පැනවූ සංචාරක තහනම ඉවතට

මැදපෙරදිගින් එන මගීන්ට කොන්දේසි මත තහනම ලිහිල් වෙයි

දකුණු අප්‍රිකාව ඇතුළු ඒ ආශ්‍රිත රවල් 6කට මෙරට සංචාරයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, නැමීබියාව, සිම්බාබ්වේ සහ එස්වාටිනි (ස්වාසිලන්තය) යන රටවල සිට මෙරටට පැමිණෙන මගීන්ට සංචාරක තහනම ඉවත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලැබුණු උපදෙස් මත මෙම පියවර ගත් බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව නිවේදනය කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හමුවීමත් සමඟ රටවල් ගණනාවක් මෙම රටවල් සඳහා සංචාරක තහනම් පනවා තිබුණි.

Exit mobile version