රටට නෑවිත් පිට පනින්න හදන ඕමානයේ කුෂාන් සර්ට එරෙහිව රතු වරෙන්තුවක්!

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ   සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන්ට ලිංගික අතරවර කිරීමේ චෝදනා මත  වැඩතහනමට ලක්ව සිටින කුප්‍රකට නිලධාරියා වූ  එදිරච්චිලාගේ කුෂාන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරනේතුවක් ලබාගැනීමට විමර්ශන අංශ  පියවර ගෙන තිබේ.

Oman

මෙම රතු වරෙන්තුව  ගැනීමට ප්‍රධනාම හේතුව ලෙස වාර්තා වන්නේ  මෙම පුද්ගලයා යළි ලංකාවට නොපැමිණ රටින් පැනීමේ අවදානමක් සම්බන්ධව විමර්ශන අංශ වෙත සැක පහළ වීමය. ඔහු ඉකුත් සිකුරාදා අලුයම මෙරටට පැමිණිමට සූදානමින් ගුවන් ටිකට්පත්   වෙන්කරගෙන තිබුණත්  එදින ඔහු  මෙරටට නොපැමිණියේය. ඒ ගැන සොයා බැලීමේදි   පපුවේ වේදනාවක් බව පවසමින් ඔහු ඉකුත් බ්‍රහස්පතින්දා  ඕමානයේ රෝහලකට ඇතුළත් වී    ප්‍රතිකාර ලබාගෙන ඇති බව විමර්ශන අංශවලට වාර්තා වී ඇත.

මේ තත්ත්වය තුළ  ඕමානයට මෙරට කතුන් රැගෙන ගොස් සිදුකරන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන,  තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ වනවිට     අධිකරණ නියෝගයක්   ලබාගෙන එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ජාත්‍යන්තර පොලිස් ශාඛාව මගින් පැරීසියේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයට   යොමුකර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඔහුට එරෙහිව මෙම රතු නිවේදනය ලබාගෙන ඇත්තේ කතුන්ට ලිංගික අඩත්තේටම් කිරීම් සම්බන්ධයෙනි.


ඕමාන් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැකවරණය පතා පැමිණි ශ්‍රී ලංකිකක කතුන්ට මෙම පුද්ගලයා විසින් ලිංගික අපරාධ කළ බවට විමර්ශන අංශ විසින් හෙළි කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධව මේ වනවිට      කාන්තාවන් දෙදෙනෙක් විසින් ප්‍රකාශද ලබාදී තිබේ.

ඕමාන් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයෙක් ලෙස ඔහු සේවය කළේය.  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඕමානයේ ප්‍රධානියා ඔහුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන විට මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් වී සිටින ආශා දිසානායක නැමැත්තිය කුෂාන්ට   එරෙහිව සාක්ෂිකාරියක්  ලෙස  ඉදිරිපත් වී සිටින බවත්,  කුෂාන් විසින් එරට සිදු කළ සියලුම ජාවාරම්වල තොරතුරු සාක්ෂි සහිතව හෙළිකිරීමට ඇය  සූදානම් බවත්      තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ තොරතුරු සඳහන් කළේය.

 

Exit mobile version