රටක් හැඬවූ සොඳුරු කැදැල්ල අද මහයියාවෙන් සමුගනී

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පසුගියදා ඉරිදා (20) අළුයම කඩා වැටුණු සුවිසල් නිවසට යටවී මියගිය අඹුසැමි යුවළගේ සහ ඔවුන්ගේ බිළිඳු දියණියගේ අවසන් කටයුතු අද (23) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු වීමට නියමිතය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මරණයට පත්වූයේ එම ගොඩනැගිල්චලට පහළින් සංචාරක හෝටලයක් පවත්වාගෙන යමින් එහිම පදිංචිව සිටි චමිල ප්‍රසාද් (35) සහ නීතීඥවරියක වන ඔහුගේ බිරිඳ අචලා ඒකනායක (32) සහ ඔවුන්ගේ මාස එකහමාරක්දි පමණ වන දියණියයි.

ඔවුන්ගේ දේහයන් අවසන් ගෞවර දැක්වීම සඳහා බූවැලිකඩ ඔවුන් පදිංචිව සිටි හෝටලය ආසන්නයේ පිහිටි ඔවුන්ටම අයත් නිවසක තැන්පත්කර තිබේ.


මියගිය අචලා ඒකනායක මහත්මියගේ පියා වන සිසිර බණ්ඩාර මහතා කියා සිටියේ මෙම මරණ වළක්වා ගත හැකිව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර කඩිනමින් ගත යුතු බවයි.

අවිධිමත් ආකාරයෙන් ඉදිකළ මෙම ගොඩනැගිල්ල බිඳ වැටෙන ලකුණු දැන ගත්එ එහි හිමිකරු ඔහුගේ පවුලේ අයගේ ජීවිත, යාන වාහන වගේම සුතල්බේ සතුන්ර ද බේරාගෙන පැන ගිය බවත් ඒ පිළිබඳ සාධාරණ පරීක්ෂණයකින් පසු ඔවුන්ට දඬුවම් ලබාදිය යුතු බවත් අචලා ඒකයනායකගේ පියා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය අයගේ දේහයන් අවසන් ගෞරවය සඳහා තැන්පත්කර තිබෙන අයුරු.

Exit mobile version