රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

depression-

වයස අවුරුදු 10-24 අතර ශ්‍රී ලාංක ළමා නවයොවුන් සහ යොවුන් ප්‍රජාවෙන් සියයට 39ක් විශාද තත්ත්වයෙන් පෙළන බවට වූ තිගැස්වෙන දත්ත සමුදායක් පර්යේෂණයකින් හෙළි වී තිබේ.

ජර්මනියේ සමාජ මනෝචිකිත්සාව සහ මනෝචිකිත්සක වසංගතවේදය පිළිබඳ කීර්තිමත් සඟරාවක් වූ Journal of Social Psychiatry and Psychiatric Epidemiology in Germany සඟරාවේ පල වූ පර්යේෂණ පත්‍රිකාවක මෙම භයානක අනාවරණය සිද්ධ කර තිබේ.

රට තුළ මානසික සෞඛ්‍ය ගැටලුවේ විශාලත්වය ඉස්මතු කරන භයානක සංඛ්‍යාලේඛන අනාවරණය වන්නේ  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක්   වසර 20ක කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන් 52,778කට අධික සංඛ්‍යාවක් පිළිබඳව සිදුකළ අධ්‍යයන 33ක් ඇගයීමට ලක්කරමින් සිදුකළ පර්යේෂණ වාර්තාවක් ඇසුරිනි.

පර්යේෂණ කණ්ඩායම පවසන්නේ සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 19.1ක් විශාද තත්ත්වයෙන් පෙළෙන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ    කථිකාචාර්ය  වෛද්‍ය ඉනෝෂ උදාර අලිවිස්,  කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය ඒ.කේ.ඒ.බී. බමිනිවත්ත සහ කැලණිය විශ්වවිද්‍යාලයේ නව යොවුන් විය පිළිබඳ  විශේෂඥ  මනෝ වෛද්‍ය  මහාචාර්ය මියුරු චන්ද්‍රදාස විසින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.

Exit mobile version