රජය කොවිඩ් සිරුරු භූමදානයට සුසාන බිම් සොයයි…

කොවිඩ් මළසිරුරු වල දැමිම පිණිස සුදුසු පරිසරයක් සහිත ප්‍රදේශ පිළිබදව අවධානය යොමු කරමින් සිටින බැවින් ජනශූන්‍ය ප්‍රදේශ ඇත්නම් වහාම ඒ පිළිබදව ශඛ්‍යතා වාර්තාවක් සහිතව සෞඛ්‍ය අමාත්‍යංශයට  දන්වන්නැයි සමස්ථ ප්‍ර‌ාදේශිය ලේකම්වරුන්ගෙන් රජය ඉල්ලා සිටී.

කොවිඩ් සුසානයන්ට තෝරා ගන්නා මේ ඉඩම් පිළිබඳව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිළධාරින්, ජාතික ජල සම්පාදන මණ්ඩලය හා පරිසර විශේෂඥයින් සමග ශක්‍යතා වාර්තා ද සකස් කරන ලෙසද දන්වා ඇතැයි  කොවිඩ්-19 රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක  අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා),වෛද්‍ය අන්වර් හම්දානි  පැවසීය.

කොවිඩ්-19 රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක  අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා),වෛද්‍ය අන්වර් හම්දානි

මාර්තු මස පස්වැනිදා සිට මාර්තු දහහතර වැනිදින තෙක් දින නවය තුළ කොවිඩ් මළසිරුරු හතලිස් පහක් ඔට්ටමාවඩි සූඩුපත්තිනිසේනෙයි ප්‍රදේශයේදි භූමදානය කල බවද වෛද්‍ය හම්දානි   කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත සමස්ථ ශ්‍රි ලාංකිකයන් සදහා ඔට්ටමාවඩි ප්‍රදේශය විවෘත බවත් එය එක් ජනකොටසකට පමණක් සීමා වූ ප්‍රදේශයක් නොවන බවත් වෛද්‍ය හම්දානි පැවැසීය.

Exit mobile version