රජයේ රෝහල්වල සියලුම නාඳුනන මළ සිරුරු ඉවත් කරන්න… සෞඛ්‍ය ඇමති නියෝග කරයි!

Keheli-Rambukwella

සුජිත් හේවාජුලිගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින පුරා බොහෝ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මළසිරුරු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට නියෝග කළේය.

ඇතැම් හදුනා නොගත් මළ සිරුරු විවිධ අධිකරණ තීන්දු හේතුවෙන් රෝහල්වලින් ඉවත් කිරීමට නොහැකිවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.අධිකරණ තීන්දු හේතුවෙන් එසේ ඉවත් කිරීමට නොහැකිවී ඇති හඳුනා නොගත් මළසිරුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් කර ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඇමැතිවරයා උපදෙස්දී ඇත.

හඳුනා නොගත් මළ සිරුරු හේතුවෙන් බොහෝ රෝහල් මෘත ශරීරාගාරවල විශාල තදබදයක් මතුව ඇතැයි රෝහල් ප්‍රධානීහු පවසති.

මේ අතර රෝහල්වල අබලන් වී පවතින මෘත ශරීරාගාර වහාම පිළිසකර කිරීමට පියවර ගන්නැයිද රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට වැඩිදුරටත් උපදෙස්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලංකාදීප

Exit mobile version