රජයේ රෝහල්වල සායන අක්‍රීයයි… වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගොඩ ගැසේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ විශාල වශයෙන් ගොඩ ගැසෙමින් පවතින බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ රෝහල්වල ක්‍රියාත්මක වූ සායන නිසි පරිද ක්‍රියාත්මක නොවීම හා රෝගීන් සායන වෙත නොපැමිණීම හා සංචරණ සීමාවන් පැනවීම, ප්‍රමාණවත් පරිදි පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක නොවීම, කොවිඩ වසංගත රෝගයට ජනතාව තුළ පවතින බිය වැනි කරුණු හේතුවෙන් රෝහල් වෙත ඖෂධ නිසි පරිදි නිකුත් කිරිමට නොහැකි වී ඇතැයි ද එබැවින් වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ විශාල වශයෙන් ගොඩ ගැසී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

බෝ නොවන රෝගයන්ට ගොදුරු වී සිටින රෝගීන්ට කලට වේලාවට ඖෂධ ලබා ගත යුතු බැවින් ද කොවිඩ් වසංගතය හමුවේ නිදන්ගත රෝග පාලනය ඉතාමත් වැදගත් බැවින් ද තැපැල් මාර්ගයෙන්‌ හෝ ඖෂධ බෙදා හැරීම සිදුකළ හැකි නම් රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කර ගත හැකි වෙනු ඇතැයි ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Exit mobile version