රජයේ ඉහළ නිලධාරීන්ගෙන් දැඩි තීන්දුවක්! අද සිට සියලු රාජකාරීවලින් ඉවතට!

Government

අමාත්‍යංශ ලේකම්වරුන් , දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ සියලු ආයතනවල පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් නියෝජනය කරන ශ්‍රි ලංකා පරිපාලන සංගමය අද සිට නැවත දන්වන තුරු සියලු රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කළ බවත් කිසිදු දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක් නොපිළිගන්නා බවත් ප්‍රකාශ කරයි.

එසේම දේශපාලකයකු සහභාගී වන කිසිදු උත්සවයකට හෝ අවස්ථාවකට සහභාගී නොවීමටද පරිපාලන සේවා සංගමය තීරණය කර ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන් මෙම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ (09) අරලියහ මන්දිරයට පැමිණි අගමැතිවරයාට සහය පළ කිරීමට පැමිණි පිරිස් වෙතින් සාමකාමී විරෝධතාවක යෙදුණු ගෝල්ෆේස් විරෝධතාකරුන්ට සිදු කළ අමානුෂික ප්‍රහාරයට ද ඔවුන්ගේ විරෝධය පළ කරමිනි.

මාධ්‍යය වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය දැඩි ආර්ථික අර්බුදය හමුවේ මිරිකෙමින් සිටින ජනතාවට ප්‍රචණ්ඩත්වයෙන් යුතුව පිළිතුරු දීම කිසිසේත් අනුමත කළ නොහැකි පහත් ක්‍රියාවක් බව සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවදුරත් රජය සමඟ සාකච්ඡාවෙන් මෙයට විසඳුමක් සෙවිය නොහැකි බැවින් කළ යුත්තේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින පරිපාලන නිලධාරීහු ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පකෂ සහ පාර්ශ්වවල සහභාගීත්වනේ වහා විසඳුමක් සෙවිය යුතු බවට අවධාරණය කරයි.


Exit mobile version