රජයේ අනතුරු ඇඟවිම් නොතකා වැඩ වර්ජනය ක්‍රියාත්මකයි… අද රට අඩපණ වන ලකුණු!

වෘත්තීයවේදීන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මකය. 

වර්ජනය දියත් කරන සියලුම ක්ෂේත්‍ර ආවරණය කරමින් එම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙද්දී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති මෙම  දීප ව්‍යාප්ත වැඩ වර්ජනය දියත් කර තිබේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙස ඉල්ලමින්  දියත් කර ඇති මෙම වර්ජනය දියත් කර ඇති වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට  රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යපීඨ ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47 ක්  එක් වී සිටිති.

මේ වනවිට දිවයිනේ සෑම රජයේ රෝහලකම මේ වනවිට වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙයි.

වර්ජනයට වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, රසායනාගාර සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදින් මෙන්ම රෝහල් කණිෂ්ඨ සේවකයින් එක්ව සිටිති.


එමෙන්ම වරාය සේවකයින්ද මේ වනවිට වර්ජනයේ නිරත වෙයි.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටරවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක් මේ වනවිටත් වර්ජනය ආරම්භ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ගේ සහායට ගුරු, විදුහල්පති, හෙද, සෞඛ්‍ය සේවා, තැපැල්, රාජ්‍ය කළමනාකරණ සේවා, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු   රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය  රැසක් ඒක වී සිටිති.

Exit mobile version