රක්ෂිත වනසා නීති විරෝධී වැලි ජාවාරමේ යෙදුණු රාජ්‍ය ඇමති ගම්ලත්ගේ ගෝලයන් රොත්තක් කොටු!

මනම්පිටිය නිමල් ජයරත්න –  

මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් ගේ දේශපාලන ආධාරකරුවන් යැයි කියාගන්නා පිරිසක් ට්‍රැක්ටර 10කින්    පොලොන්නරුව  503 කලාපයේ මාදුරුඔය රක්ෂිතයේ නීති විරෝධීව වැලි ගොඩ දමමින් සිටිය දී අද(22) පෙරවරුවේ  අරලගංවිල පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

මෙම ජාවාරම් කරුවන්  කිසිදු නෛතික විධි විධානයක් නොසලකා  දිගින් දිගටම සිදුකරන පරිසර අපරාධ සම්බන්ධව එන පැමිණිළි ගණනාවක්  නිසා  භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සහ, අරලගංවිල පොලිසියේ දූෂණ මර්ධදන අංශය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

අරලගංවිල, දම්මින්න, කන්දේගම, ඉහල වැව, නිදන්වල. ඇතුළු අවට ගම්මානවල පදිංචි මෙම  සැකකරුවන් කලක සිට මාදුරුඔය රක්ෂිතයේ මෙන්ම 503 කලාපයේ ගංගා වලට හානි කරමින්  මෙම වැලි ජාවාරම කරගෙන ගොස් තිබිණි. ඔවුන් මේ වැලි ජාවාරම කරගෙන ගොස් ඇත්තේ ඒකාධිකාරියක් සහිතවය.


පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරි  ශානක ද සිල්වාගේ මෙහෙයවීමෙන් අරලගන්විල  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල්   ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම් සිදුකළහ,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් ට්‍රැක්ටර් රථ 10 සහ  සැකකරුවන් දහදෙනා  හෙට ( 23 )     පොලොන්නරුව  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Exit mobile version