රංජන් රාමනායක රෝහල්ගත කරයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණයට අපහාස කිරීමේ වරදට සිවු වසරක් බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විඳිමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

දණහිසේ ඇතිවූ ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු මෙසේ රෝහල්ගත කළ බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසා තිබිණි.

මේ රොගී තත්වයට ප්‍රතිකාර ලබා දීම සඳහා කරාපිටිය රෝහලට මින් පෙරත් ඔහුව රැගෙන විත් තිබිනි. දණහිසේ කිසියම් ආබාධයක් ඇති බව එම පරීක්ෂණවලදී තහවුරු වීම නිසා ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නැයි බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ඉන් පසුව ඔහුව රෝහල්ගත කළ බවත් බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.



Exit mobile version