රංගලටත් කොටි ඇවිත්

ශිරෝමි සමරකෝන්:

රංගල ගිඩ්ඩව වරදිවල ගම්මානයේ කොටියෙකු සැරිසරන බැවින් ගම්වාසීහු භීතියට පත්ව සිටිති.

දැනට මාස කිහිපයකට ඉහතදී කොටියකු පුද්ගලයෙකුගේ ඇඟට පැන පහර දීමක් ද සිදුකර අධික ලෙස තුවාල වී ඇත එම අවස්ථාවේදී රංගල පොලිසිය හා වනජීවී නිලධාරීන් ඉදිරිපත් වී මෙම ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොටියා ඇල්ලීමට කැලෑවේ කූඩුවක් තබා කැමරාවක්ද සවිකර පසු ලබාගත් ඡායාරූප ද දක්නට ලැබුණ ද එහෙත් එම කොටියා මෙපමණ කාලයක් ගත වුවත් අල්ලා ගැනීමට නොහැකි වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට දින කිහිපයකට පෙර  නැවතත් ඒ අවට මුවන් රංචුවක් පිටුපස පන්නා නිවසක් අසළටද පැමිණ ඇති බව වාර්තා වේ.

 

Exit mobile version