යෙදවුම් මිල සියයට 40කින් අඩුවෙලා! බිත්තර මිල අඩු නොවීම ප්‍රශ්නයක් ! වෙළෙඳ ඇමති කියයි…

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම්වල වෙළෙඳපොළ මිල මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් අඩුව ඇති බැවින් මෙරට නිෂ්පාදනය කරන බිත්තර මිල අඩු විය යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු  පවසයි.

සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනයේදී වැඩිම පිරිවැයක් යන සත්ත්ව ආහාර මිල සියයට 40කින් 50කින් පමණ පහළ ගොස් ඇතත් මේ මට්ටමට මෙරට බිත්තර මිල අඩුවනැති බවත් රටේ ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර ලබා ගැනීම සඳහා බිත්තර ආනයනය කළ යුතු බවත් අමාත්‍යවරයා අද (08) ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදීය.

“බිත්තර හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය මිල සියයට 40ත් 50ත් අතර අඩුව තිබෙනවා. බඩ ඉරිඟු කිලෝ එකක් මීට මාස හතකට අටකට පෙර රුපියල් 265ට ඉක්මවා තබුණද මේ වනවිට එය රුපියල් 165ක් පමණ දක්වා අඩුව ඇති බවත් සෝයා ඇට කිලෝ එකක මිල 450 සිට 300 පමණ දක්වා පහළ ගොස් ඇති අතර සෙසු කුකුළු ආහාර අමුද්‍රව්‍යද සැලකිය යුත මට්ටමින් අඩුව ඇති නිසා බිත්තරයක මිලද ඊට සාපෙක්ෂව අඩු විය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේ මිල අඩුවීමක් වෙළෙඳ අමාත්‍යංශය ලෙස අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.


“ පසුගිය මාස හත අටකට එහා තිබුණු ආහාර දුව්‍ය මිල ගණන් සියල්ලම පාහේ මේ වනවිට සැලකිය යුතු ලෙස මිල අඩුවෙලා. සීනි අල පරිප්පු මේ සෑම වර්ගයකම මිල අඩුවෙලා. රුපියල් 350ට තිබුණු අල කිලෝ එක රුපියල් 110ට අඩු වෙනව නම් සීනි කිලෝ එක අඩු වෙනව නම් බිත්තරය මොකද අඩු නොවෙන්නේ. මේ කාලය තුළ මිල අඩු නොවුණු එකම ද්‍රව්‍යය මේ බිත්තරය. එහි මිල අඩු නොවෙනව නම් එම බිතත්ර මිල අඩු කිරීම සම්බන්ධයෙන්  මැදිහත් වීමට සිදුවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිත්තර ඉන්දියාවෙන් ගෙනවීමට සැලසුම කර තිබුණද මෙතෙක් බිත්තර ගෙන්වීමට කටයුතු කර නැති බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේ උත සමයේදී රටේ ජනකාවට දැරිය හැකි මිලකට බිත්තර ලබා දීම සඳහා නිවාර්යයෙන්ම බිත්තර ආනයනය කිරීමට මේ වනවිට සිදුව ඇති බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය

Exit mobile version