යුරෝපීය නිදහස් වෙළඳ සංගමය සමඟ ඉන්දියාව ගිවිසුමක් අත්සන් කරයි….

අමායා උඩුවැරැල්ල –

යුරෝපා සංගමයේ සාමාජිකයන් නොවන යුරෝපීය රටවල් හතරක කණ්ඩායමක් සමඟ ඉන්දියාව ඊයේ (10) නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) අත්සන් කර තිබෙනවා. ගිවිසුම අත්සන් කර ඇත්තේ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ය.

යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA) සමඟ ඇතිකර ගත් මෙම ගනුදෙනුවෙන් වසර 15 ක කාලයක් තුල ඉන්දියාවේ ඩොලර් බිලියන 100 ක (පවුම් බිලියන 77.8)  ආයෝජනයක් වනු ඇති බව එරට වෙළඳ ඇමති පවසා තිබෙනවා. EFTA සමන්විත වන්නේ නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය සහ ලිච්ටෙන්ස්ටයින් යන රටවල් වලිනි. එක්සත් රාජධානිය සහ ඉන්දියාව පසුගිය වසර දෙක තුළ නිදහස් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ගිවිසුම බලාත්මක වනු ඇත්තේ EFTA රටවල් විසින් ඔවුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියට අනුව අනුමත කිරීමෙන් පසුව බවත් ඇතැම් විට එය මේ වසර අවසානයේ සිදු වනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගිවිසුමේ අරමුණ වන්නේ දෙපාර්ශවය අතර ආයෝජන දිරිමත් කිරීම සහ භාණ්ඩ හා සේවා වෙළඳාම වැඩිදියුණු කිරීමයි.
එමෙන්ම මෙම ගිවිසුමට, ඉන්දියානු තරුණ ශ්‍රම බලකාය සඳහා සෘජු රැකියා මිලියන 1 ක්, තාක්‍ෂණ සහයෝගීතාවය සහ කාර්මික අපනයනවල වර්ධනය මෙන්ම ඉන්දියාවේ අපනයන ඉහළ නැංවීම සඳහා කෘෂිකර්මාන්තයට සහ සැකසූ ආහාර නිෂ්පාදනවලට අදාළ තීරුබදු සහන ඇතුළත් වන බව ද වාර්තා වනවා.

Exit mobile version