යුරෝපයේ සිට තැපෑලෙන් පැමිණි ලක්ෂ 70ක මත්ද්‍රව්‍ය විදේශ පාර්සල් අංශයේ දී කොටුවේ…

කීර්ති ප්‍රනාන්දු –

රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුතු මත් පෙති හා මත් ද්‍රව්‍ය තොගයක් ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය යන රටවල සිට කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට එවන ලද පාර්සල්  05ක තිබී අද පස්වරුවේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ  ( නීති කටයුතු)  සුදන්ත සිල්වා පවසයි.

එහිදී රුපියල් ලක්ෂ 0ක් පමණ වටිනා කුෂ් ගංජා ග්‍රෑම් 278ක්, රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා “ මෙතම්පෙනටයින්“ මත්ද්‍රව්‍ය අඩංගු එක්ටසි වර්ගයේ මත් පෙති 400ක් සොයාගෙන තිබේ.

අහංගම, වේරහැර, හෝමාගම, සහ මහනුවර යන ප්‍රදේශවල පුද්ගලයන් පස් දෙනෙකුගේ නම්වලින් මෙම පාර්සල් එවා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතව ඇති බවද රේගුව පවසයි.

Exit mobile version