යුරෝපයට ලැබුණු කාන්තාර අත්දැකීම…. වසර 500කට පසු යුරෝපයට බලපෑ දරුණුම නියඟය

මේවන විට යුරෝපයෙන් තුනෙන් දෙකකට දැඩි නියං තත්ත්වයක් බලපා තිබේ.    වසර 500ක කාලය තුළ යුරොපයට බලපෑ දරුණුතම නියං තත්ත්වය මෙය බවත් නවතම වර්තාවකින් අනාවරණය  වී ඇත.

ගෝලීය වශයේ ඇතිවන නියං ගත්ත්වයන් සම්බන්ධයේ නීරීක්ෂණ සහ අධ්‍යනයන් කරනු ලබන Global Drought Observatory විසින් යුරෝපයට බලපා ඇති නියං තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබේ.

Drout
එංගලන්තයේ ඊසානදිග කොන්වොල් හි බොඩ්මින් මුවර් ජලාශය ජලයෙන් යට වූ දා සිට මෙම ගස් ජලයෙන් යට වී තිබිණි.

යුරෝපා මහාද්වීපයේ සියයට 47කට නියඟය

ඒ අනුව යුරෝපා මහාද්වීපයේ සියයට 47ක් යම් කිසි හෝ නියං අනතුරු තත්ත්වයක පවතින බවය. එමෙන්ම යුරෝපා කලාපයේ  පස ඉතා දරුණු ලෙස වියලී ගොස් පසෙහි රැඳී  ඇති ජලය ඉතා විශාල වශයෙන් පහළ බැසි ඇති බවද අදාල වර්තාවෙන් පෙන්වා දෙයි. මේ අතර යුරොපා කලාපයේ තවත් සියය 17ක් අවදානමට ලක්වීමේ හැකියාවක් පවතින බවද වගාවන් සහ වෘක්ෂලතාදියට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එම ආයතනය සඳහන් කරයි.


පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය බෝග අස්වැන්නට බලපානු ඇති බවටත්, ලැව්ගිනි ඇති කිරීමට විශාල වශයෙන් ඉඩපවතින බවටත් එම වාර්තවෙන් පෙන්වා දෙයි. ඇතිවිය හැකි ලැව්ගිනි වැනි තත්ත්වයන්හි අවදානම  යුරෝපයේ ඇතැම් දකුණු ප්‍රදේශවල තවත් මාස කිහිපයක් පැවතිය හැකි බවටත් එම වාර්තාව අනතුරු අඟවයි.

මේ අතර ඉකුත් වසර පහක කාලය සමඟ සසඳන විට, යුරෝපා සංගමය විසින් අස්වැන්නේ  ධාන්‍ය බඩ ඉරිඟු සඳහා සියයට 16ක්ද, සෝයා බෝංචි සඳහා සියයට 15ක සහ සූරියකාන්ත සඳහා සියට 12ක  පහත වැටීමක් අපේ්ක්ෂා කරයි.

නෙදර්ලන්තයේ Nijmegen හි Waal ගං පත්ලේ ඇවිද යන මිනිස්සු…

මෙවැනි නියඟයක් ආවේ  අවුරුදු 500කට පස්සේ

ලෝකයේ නියඟ   සම්බන්ධයෙන් සමීක්ෂණ කරනු ලබන ආයතනය යුරෝපා කොමිසමේ පර්යේෂණ අංශයේ කොටසකි. ඒ අනුව මෙම වර්තාවට ප්‍රතිචාර දක්වමින් කොමිසම අනතුරු අඟවමින් පවසා සිටියේ මූලික දත්ත වලට අනුව වර්තමාන නියඟය තවමත් අවම වශයෙන් වසර 500 කට පසුව ඇති දරුණුතම නියඟය බවයි.

පවතින අධික උණුසුම සහ ජල හිඟය මුළු යුරෝපා සංගමයේම රටවල ජල මට්ටම් කෙරෙහි පෙර නොවූ විරූ බලපෑමක් ඇති කර තිබෙන බව පර්යේෂණ කොමසාරිස්වරියක් වන මාරියා ගේබ්‍රියෙල් වර්ථාමන තත්ත්වය සම්බන්ධයෙන් පවසා ඇත.

“අපි දැනට සාමාන්‍යය තත්ත්වයට වඩා වැඩි ලැව්ගිනි ඇතිවීම් දකිමින් සිටිනවා. මේ තත්ත්වය  බෝග නිෂ්පාදනයට විශාල බලපෑමක් ඇති කරනවා.  ඒ වගේම දේශගුණික විපර්යාස සෑම වසරකම වඩාත් කැපී පෙනෙන අයුරින් ඉහළ යමින් තිබෙන බවද හොදින්ම පෙනී යනවා ,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

නාසීන් සෝවියට් හමුදා ඉදිරියේ පලා යන විට ගිල්වා ගිය ජර්මානු නැව් කිහිපයක් සර්බියාවේ ප්‍රහවෝ හි මතු වී ඇති අන්දම

ගංගා සිඳිලා…

මේ අතර අද වන විට යුරෝපයේ ගංගා සියල්ලම පාහේ යම් ප්‍රමාණයකට සිඳී ගොස් ඇති බවට වාර්තාව අනතුරු ඇඟවයි.

මෙම තත්ත්වය මේවන විට දැනටමත් යුක්‍රේන යුද්ධය හේතුවෙන් අර්බුදයකට ලක්ව ඇති බලශක්ති අංශයට දරුණු බලපෑමක් ඇති කර තිබේ. වාර්තාවන්ට අනුව නියං තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලය සැලකිය යුතු මට්ටමක් වන සියය 20 කින් පහත වැටී ඇත.

අදාල වර්තාවට මගින් ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග්, රුමේනියාව, හංගේරියාව, උතුරු සර්බියාව, යුක්රේනය, මෝල්ඩෝවා, අයර්ලන්තය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල නියං තත්ත්වය තත්ත්වය තවත් දරුණු අතට හැරෙමින් පවතින බව අනතුරු අඟවා තිබේ.

මේ අතර, කලාප කිහිපයක නිල වශයෙන් නියඟයක් ප්‍රකාශයට පත් කළ එක්සත් රාජධානියේ ඇතැම් ගස් සරත් සෘතුවේ පවතින තත්ත්වය පත්ව ඇති බවද වාර්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජලයෙන් යටවී තිබී මතුවුන ස්පාඤ්ඤයේ Galicia ප්‍රදේශයේ Aceredo ගම්මානය

 

Exit mobile version