යුනිසෙෆ් ආයතනයෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්…

ළමයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කරමින් ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්විය යුතු බව ‘යුනිසෙෆ්’ සංවිධානය ශ්‍රී ලංකාවට දන්වයි.

විරෝධතා අතරතුර  ශ්‍රී ලංකාවේ දරුවන් විෂයෙහි ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ අවධානය යොමු යොමු වී තිබිණි

ඔවුන් පවසන්නේ සාමකාමීව රැස්වීමේ අයිතිය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ළමයින් ඇතුළු සියලු ක්‍රියාකාරීන්ට ලැබිය යුතු බවයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවෙන්නන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය ඇතුළු සියලු දෙනාටම වගකීමක් තිබෙන බවත් යුනිසෙෆ් සංවිධානය දන්වයි.


ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ දරුවන් ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට නිරාවරණය වීමෙන් වළකා ගන්නට වැඩිහිටියන් කටයුතු කළ යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version