යුද හමුදාව දළදා පෙරහරට වාර්ෂික කොප්පරා පූජාව සිදු කරයි…

ඇසළ පෙරහර මංගල්‍යයට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව අද (29) අළුයම ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරිණි.

යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ   ප්‍රධානත්වයෙන් මෙම පූජාව සිදුවිය.

ඇසළ පෙරහර මංගල්‍යයේ වීදි ආලෝකමත් කිරීමට භාවිතා කරන පන්දම් සඳහා මෙම කොප්පරා යොදා ගැනේ.

කොප්පරා මෙට්‍රික් ටොන් දහයක ප්‍රමාණයක් ඇසළ පෙරහැර මංගල්‍යයට පරිත්‍යාග කෙරෙන අතර එය සංකේතාත්මක කරමින් යුද හමුදාපතිවරයා විසින් කොප්පරා බදුනක් ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල   වෙත ප්‍රදානය කරන ලදි.


එම කොප්පරා ශ්‍රී දළඳා මාලිගාව සහ නාථ, විෂ්ණු,පත්තිනි සහ කතරගම යන සිව්මහා දේවාලවල අවශ්‍යතාවය වෙනුවෙන් යොදා ගනී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම කොප්පරා සකස් කොට ඇති අතර වර්ෂ 2014 සිට අඛණ්ඩව ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කොප්පරා පූජා කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරයි.

Exit mobile version