යුද හමුදාවේ 72 සංවත්සරය දා නිලධාරීන් 567ක් – සෙසු නිලයන් 10369ක් උසස්වීම් ලබති.

කීර්ති ප්‍රනාන්දු –

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 567ක් සහ සෙසු නිලයන් 10369කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අද (10) දින ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ  නිලධාරීන් 08 දෙනෙක් මේජර් ජනරාල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17ක් බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල් නිලයේ නිලධාරීන් 42ක් කර්නල් නිලයටත්, මේජර් නිලයේ නිලධාරීන් 60 දෙනෙක් ලුතිනන් කර්නල් නිලයටත්, කපිතාන් නිලයේ නිලධාරීන් 256ක් මේජර් නිලයටත්, ලුතිනන් නිලයේ සිටි නිලධාරීන් 10 දෙනෙක් කපිතාන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ සිටි නිලධාරීන් 152ක්  ලුතිනන් නිලයටත් උපපන්න නිලධාරීන්  22ක් ලුතිනන් නිලයටත් උසස්වීම් ලබන බම යුද හමුදා මාධ්‍ය අංශය කියයි.

Exit mobile version