යුද සැමරුම වැළැක්වූ අධිකරණ නියෝග කඩකිරීමේ සැලසුමක්… මුලතිවු ආරක්ෂාව තර වේ…

දිනසේන රතුගමගේ –

මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂාව අද (17) සිට දැඩි කිරීමට මුලතිව් පළාතේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා විශාල පිරිසක් මුල්ලිවයික්කාල් ප්‍රදේශයට පැමිණෙන බවට ලැබී ඇති තොරතුරක් මත මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කොට තිබේ.

මුලතිව් අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කොට ජනතාව රැස් නොවන ලෙසත් මියගිය පිරිස් සැමරීම සදහා උත්සව පින්කම් සිදු නොකරන ලෙස  දැණුම් දී ඇතත් සංවිධානාත්මක පිරිසක් එම නියෝග නොතකා 18 දා යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට කටයුතු යොදා ඇති බවට ආරංචියක් ආරක්ෂක අංශ වලට ලැබී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ජනතාව ඒකරාශි කරමින් පින්කම් හෝ වෙනත් උත්සව සංවිධානය  කරණ පිරිස අත් අඩංගුවට ගැනීම සදහා  මුලතිව් ආරක්ෂක අංශ සූදානමින් සිටියි.

Exit mobile version