යුගදනවි පෙත්සම් තුන්වන දිනයේත් විභාගයට…

Yugadanavi

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහි තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ශෙ‍්‍ර්ෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් අගවිනිසුරු  ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ  එල්ටීබී දෙහිදෙණිය යන පංචපුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ අද (10) විභාගයට ගැනුණි.

මෙහිදී පෙත්සම්වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු ඉදිරිපත් කළේය. පෙත්සම් තවදුරටත් විභාග වීමට නියමිතය.

පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ඇල්ලේ ගුණවංස හිමියන්, අගරදරගු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානන්, සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම්  රන්ජිත් මද්දුම බණ්ඩාර,  ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වසන්ත සමරසිංහ සහ සුනිල් හඳුන්නෙත්ති විසිනි.


පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අග්‍රමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වේස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක්  නම් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙළවරපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවය.

Exit mobile version