යුගදනවි ගනුදෙනුවට විරුද්ධ ආණ්ඩුවේ කණ්ඩායමට දුන් සාකච්ඡාව අගමැති කල් දමයි!

Yugadanavi

කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයෙන් සියයට 40ක් ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සමබන්ධයෙන් මේ වනවිට ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන කැලඹිලිකාරී තත්ත්වය සහ මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන්නේගේ කඳවුරට අද අගමැතිවරයා විසින් දෙන ලද සාකච්ඡාව හදිසියේ හෙටට කල් දමා ඇති බව පාර්ලිමේනතු ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් අගමැති මහින්ද රාජපක්ෂට අද දින මෙම සාකච්ඡාවට සහභාගී වීම අපහසු බව මේ වනවිට අදාළ පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති අතර හෙට (23) දිනයේ ඒ සාකච්ඡාව අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

මෙම මතභේදාත්මක ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය දක්වන පක්ෂ නියෝජිතයන් අතරට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එක්වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනට විරෝධාත්මක මතයක සිටින ආණ්ඩුව නියේජනය කරන පක්ෂවල නායකයන් ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ කැප්පෙටිපොළ මාවතේ පිහිටි නිවසට පැමිණ හදිසි සාකච්ඡාවක් පැවැත්වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස තමන්ද මෙම සමාගමට ටෙන්ඩරය ලබා දුන් ව්‍යාකූල ආකාරය පිළිබඳව කණගාටුවන බව එහිදී මෛත්‍රිපාල සිරිසේන  විසින් සෙසු පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කොට ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගත යුතු කියාමාර්ග පිළිබඳවද පුළුල් වශයෙන්   සාකච්ඡා කෙරුණු බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පක්ෂ නායකයන් අද දිනයේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වූ අතර අගමැතිවරයා හමුවේ ඉදිරිපත් කළ යුතු කරුණු පිළිබඳව ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.

Exit mobile version