යුක්‍රේන අර්බුදය මැද චීනය මැදපෙරදිග සිය අණසක පතුරවයි

යුක්‍රේන අර්බුදය ආරම්භ වීමත් සමඟ ඇමරිකානු එක්සත් ජනපදයේ අවධානය රුසියාව සහ නැගෙනහිර යුරෝපය දෙසට යොමුවීමත් සමඟ චීනය විසින් මැදපෙරදිග කාළපයේ සිය ආධිපත්‍ය වර්ධනය කරගැනීමට උත්සුක වෙමින් පවතින බවට අනාවරණය වේ.

විශේලේෂකයින්ට අනුව චීන රාජ්‍ය ප්‍රධානීන් විසින් ගල්ෆ් කලාපයේ රාජ්‍ය නායකයින්ව පසුගිය දින කිහිපයේදී හමුවී ඇති අතර එහිදී සෞදි ආරබිය, කුවේට්, ඕමාන්, බහරේන් යන රටවල නායකයින් මෙලෙස හමුවී තිබේ.

ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා ගල්ෆ් කලාපීය නායකයින් සමඟ කලාපීය සහයෝගීතාවය සහ කාලයේ ගැටලු සම්බන්ධයෙන් දර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවටද වාර්තාවේ. මෙහිදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන, සිරියාව ගැටුම් වලින් පසුව යලි සංවර්ධනය කිරීම ආදි කාරණා කෙරෙහි මෙහිදී වැඩි අවදානයක් යොමු ඇති බවටද සඳහන්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී මැදපෙරදිග කාලපයට අවශ්‍ය අවි ආයුද ලබාදීම සම්බන්ධයෙන්ද චීනය සාකච්ඡා කර ඇති අතර එහිදී මැදපෙරදිග කලාපයට ඇමරිකාව විසින් අවි ආයුධ ලාබදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වු යම් මතගැටුම්ද චීනය විසින් මෙහිදී සිය වාසියට යොදාගෙන ඇති බවද වාර්තාවේ.

Exit mobile version