යුක්රේනය ලොක්ඩවුන්

යුක්රේනය අද (8) සිට ලබන 25 තෙක් රටම ලොක්ඩවුන් කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට සංචාරක ක්ෂේත්‍රය යළි ගොඩ නැංවීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් යටතේ මෙරටට යුක්‍රේන සංචාරකයන් කණ්ඩායම් 5 ක් බබල් ට්‍රැවල් ක්‍රමය යටතේ සංචාරයට මෙරටට පැමිණ සිටී.

ඒ අනුව දින 16ක් පුරා එරට ලොක්ඩවුන් කර ඇති අතර නව නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීමට එරට රජය පියවර ගෙන ඇත.


දැනටමත් එරට පාසල්, අවන්හල් සහ ජිම් වසා දමා ඇති අතර දැඩි ලොක්ඩවුන් කොන්දේසි ඇතුළත් කර ඇත.

යුක්රේනයේ කොරෝනා වයිරස් ආසාදන සැප්තැම්බර් මාසයේදී යළිත් ඉහළ යාමට පටන් ගත්තේය.

එය සාපේක්ෂව පෙරට වඩා මේ වනවිට ඉහළ මට්ටමක පවතී.

මිලියන 41 ක ජනතාවක් වෙසෙන යුක්‍රේනයේ අද වන විට රට තුළ කොරොන වයිරස් රෝගීන් මිලියනයකට වඩා වාර්තා වී ඇති අතර මරණ 19,588 කි. නව රෝගීන් සංඛ්‍යාව දිනකට 12,000-14,000 ක් පමණ විය.

යුක්රේනය වසංගතයේ උච්චතම අවස්ථාව ගෙවමින් සිටින අතර ජනවාරි අගුලු දැමීම පිළිබඳව රජය තීරණය කර තිබුණේ දෙසැම්බර් මස මුලදී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විනෝදාස්වාද මධ්‍යස්ථාන වැසීම සහ මහජන රැස්වීම් තහනම් කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග ජනවාරි 24 වන දින දක්වා ක්‍රියාත්මක වේ.

Exit mobile version