යාපනේ බස් එකේදී හමු වුණු රත්තරන් කිලෝ 5ක් මහා ජාවාරමක් හෙළි කරයි!

gold

කාලයක් තිස්සේ ඩුබායි සිට ගුවන් මගින් තොග පිටින් ප්‍රවාහනය කරන රත්රන් යළි යාපනය හරහා ඉන්දියාවට යැවීමේ රහසිගත ව්‍යාපාරයක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය සමත් වී තිබේ.

ඒ අනුව ඔවුන් ලද තෙරතුරක් මත රත්රන් කිලෝ ග්‍රෑම් 05ක යාපනයට ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු සහ තවත් පුද්ගලයකු ඊයේ (19)  පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ආරංචි මාර්ගවලට අනුව මෙම පුද්ගලයන් දින කිහිපයකට වරක් යාපනයට රත්තරන් විශාල තොග ප්‍රමාණයෙන්  එනම් වරකට  කිලෝ ග්‍රෑම් 05ක 06ක් පමණ රැගෙන එන බවට අනාවරණය වී ඇති අතර ශ්‍රි ලකාව හරහා රහසිගතව ඉන්දියාවට මෙම රත්තරන් තොග යැවීමෙන් ඔවුන්ට ඉන්දියානු රජයෙන් අය කරනු ලබන විශාල බදු මුදලකින් බේරීමට හැකියාව ඇති බව මේ පිළිබඳව සිදු කළ විමර්ශනවලදී හෙළි ව ඇත.


ඩුබායි හි රැඳීසිටින ඉන්දීය ජාතිකයකු විසින් මෙම ජාවාරම මෙහෙයවනු ලබන බව මේ වන විට විමර්ශනවලදී අනාවරණය වී ඇත.  මේ නිසා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට ඉතා සූක්ෂම අයුරින් ප්‍රවාහනය කෙරෙන මෙම රත්රන් පුද්ගලයන් මඟින් යාපනයට ප්‍රවාහනය කෙරෙන අතර යාපනයෙන් බෝට්ටු හරහා ඉන්දියාව වෙත ප්‍රවාහනය කෙරෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් අදාළ සැක කටයුතු මුස්ලිම් ජාතික පුද්ගලයකු කොළඹ සිට යාපනය බලා ධාවනය වන බස් රථයක දී රත්රන් කිලෝ ග්‍රෑම් 5ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම තොගය භාර දීමට සිටි යාපනයේ රැඳී සිටි පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත.මේ පිළිබඳව පොලසිය තවදුරටත් විමර්ශන පවත්වයි.

Exit mobile version