යාපනේ නිවසක පිපිරීමක් – 8කට තුවාල

File photo

දිනසේන රතුගමගේ

යාපනයේ ගුරුනර් ප්‍රදේශයේ නිවසක කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් පිපිරීම නිසා එකම පවුලේ 8 දෙනෙකු තුවාල ලබා 14 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

තුවාල ලැබූ අය අතර වයස අවුරුදු 9 ත් 14 ත් අතර පිරිමි ළමයින් තුන් දෙනෙකු සිටින අතර තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ පමණක් තත්ත්වය බරපතල බව යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසයි.


පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනය පොලීසිය පවසන්නේ ඩයිනමයිට් තොගයක් මෙම නිවසේ තිබූ බවට තොරතුරු ලැබී ඇති අතර ඒවා උපයෝගී කරගෙන යමක් සැකසීමට යාමේදී එය පුපුරා ගොස් ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version