යාපනේ කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවීමට සෞඛ්‍ය උපදෙස් අකුරටම

දිනසේන රතුගමගේ:

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක් උතුරු පළාත තුළ වර්ධනය නොවීම සදහා උතුරු ප්‍රදේශය තුළ පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය නීතිරීති 12 දා සිට අකුරටම ක්‍රියාත්මක කිරීමට තීරණය කොට තිබේ.

ඒ අනුව මංමාවත් වල හා ප්‍රසිද්ධ ස්ථාන වල මුඛ ආවරණ නොමැතිව සිටින පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.


මුඛ ආවරණ නොමැති අයට උතුරේ ආරක්ෂක අංශ විවිධ සංවිධාන වල අනුග්‍රහය යටතේ මුඛ ආවරණ බෙදා දීමට පියවර ගෙන ඇති අතර ප්‍රසිද්ධ ස්ථාන වල අතසේදීම සදහා අවශ්‍ය මෙවලම් සවිකොට තිබීම පිළිබදවද ශරීර ඌෂ්ණත්වය මැන බලන ආකාරය පිලිබදවද මීටරයක දුර තබා ගැනීම පිළිබදවද ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් දැඩි සේ පරීක්ෂා කිරීම ආරම්භ කොට තිබේ.

යාපනය-මහනුවර ඒ නවය මාර්ගයේ ගමන් කරණ වාහන නවතා මගීන් මුඛ ආවරණ පැළද සිටින්නේ දැයි සොයා බලන අතරවාරයේ මාර්ග වල ගමන් කරණ පිරිස පිළිබදවද විශාල අවධානයක් යොමු කොට තිබේ.

උතුරු පළාත පුරා ක්‍රියාත්මක කොට ඇති මේ වැඩ සටහන තුළින් කළ පරීක්ෂා කිරීම් වලදී වැඩිම පිරිසක් හමු වී ඇත්තේ කිළිනොච්චිය නගරයේදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියලු දෙනාටම දැඩි සේ අවවාද කොට ඔවුන්ව මුදා හැර ඇතත් මින් ඉදිරියට අත් අඩංගුවට පත්වන පිරිසට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි.

Exit mobile version