යාපනේ කඩු කල්ලි ගැටේ… ආවා කල්ලි නායකයාගේ නිවසට ප්‍රහාරයක්…

දිනසේන රතුගමගේ –

ආවා කල්ලියේනායකයා බව කියන විනෝදන් නැමැත්තාගේ යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ පිහිටි නිවසට 6 දා රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව එම ප්‍රහාරය එල්ල කොට ඇත්තේ එම කල්ලියට විරුද්ධ කල්ලියක තරුණයින් පිරිසක් විසින් බවයි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ආවා කල්ලි නායකයා නිවසේ සිට නොමැති අතර ප්‍රහාරයට පැමිණි පිරිස නිවසේ තිබූ බඩුබාහිරාදියටද දොර ජනෙල් වලටද පහර දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ චුන්නාකම් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version