යාපනය සහ වවුනියාවේ මැලේරියා අවදානමක්…

දිනසේන රතුගමගේ –

වවුනියාව හා යාපනය ප්‍රදේශ වල මැලේරියා රෝගය බෝකරන මදුරුවන් සිටින බවට තොරතුරු සනාථ වීමත් සමගම උතුරේ සෞඛ්‍ය බලධාරීන් එම  පළාත් වල මැලේරියා මදුරුවන්ගේ කිටයින් සෙවීමේ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 ලෝක මැලේරියා දිනය අප්‍රේල් මස 25 වෙනිදාට යෙදී ඇති අතර  2016 වසරේ සිට ශ්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස් වූ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

නමුත් ඉන් පසුව උතුරු පළාතේ ස්ථාන කීපයකින්ම මැලේරියා මදුරුවන් හා කීටයින් හමු වූ අතර එම අවස්ථාවේදී මැලේරියා මර්දන ඒකකය කියා සිටියේ රට තුළ රෝගීන් නැතත් ඉන්දියාව චීනය මැඩගස්කරය හා අප්‍රිකාව වැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන වැසියන් මලේරියා ආසාධිතයින් වශයෙන් මෙහි පැමිණීම නිසා රෝගය බෝවිය හැකි බවයි.


මුලතිව් සෙල්වපුරම් ගම්මානය ඇතුළු ගම්මාන කීපයකින් මැලේරියා රෝග විශේෂයක්වන  ටී.බී.එන්.මැලේරියා රෝගයේ පරපෝෂිතයින් 2018 වසරේදී හමු වූ අතර මන්නාරමෙන්ද එම කීටයින් ඒ වසරේදීම හමු වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් ඒ කාලයේදී විශ්වාස කළේ     මුලතිව් පළාතේ කෘෂිකාර්මික උපකරණ වල සේවය කිරීම සදහා දකුණු ඉන්දියාවෙන් විශාල පිරිසක් කම්කරුවන් වශයෙන් පැමිණ සිටින නිසා ඔවුන්ගෙන් මේ රෝග පරපෝෂිතයින් පැමිණෙන්නට ඇති බවයි.

Exit mobile version