යාපනය සරසවි සිසුවෝ 20වැනි පොංගුතමිල් උළෙල පවත්වති…

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද ( 17 ) සවස පොංගු තමිල් උළෙලේ 20 වෙනි සංවත්සරය සමරමින් පොංගු තමිල් උළෙලක් පැවැත්වූහ.

මේ අවස්ථාවේදී පොංගු තමිල් ගීත පසුබිමින් වාදනය වූ අතර සිසුන් යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකොට ඇති පොංගු තමිල් ස්මාරකය අභියසදී පොංගු තමිල් උළෙල පැවැත්වූහ.

යාපනය විශ්ව විද්‍යාල භූමියේ මෙම පොංගු තමිල් ස්මාරකය අනවසර ඉදි කිරීමක් ලෙස නම් කොට ඇතත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම එම ස්මාරකය ඉවත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැත.


2021 වසර සදහා වූ පොංගු තමිල් ප්‍රකාශනය සිසුන් විසින් කියවන ලද අතර එහි සදහන්ව තිබුණේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ස්ව‍යං නිර්ණ අයිතිය සාම්ප්‍රදායික මව්බිම දෙමළ ජාතිකත්වය යන අයිතීන් රජය විසින් පිළිගත යුතු බවයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පොංගුතමිල් 2021 උළෙල සඳහා සහභාගී වන ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මීට පෙර දැන්වීමක් මගින් සිසුන්ගෙන් ඉල්ලීමක් කොට තිබුණි.

Exit mobile version