යාපනය සරසවියේ නවක සිසුන්ට අශිෂ්ඨ වද දුන් වධයකන් 4ක් හඳුනා ගනී…

දිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාලයේ අසභ්‍ය හා ලිංගික ක්‍රියාකාරකම් සහිතව නවක වදය  දීමේ සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනෙකු පරීක්ෂණ වලදී හඳුනාගත්  බව යාපනය විශ්ව විද්‍යාලයේ විනය මණ්ඩල හා ශිෂ්‍ය කටයුතු සම්බන්ධ කමිටුවේ කථිකාචාර්යවරයෙකු පැවසීය.

නවක සිසුන්ගෙන් ලැබුණු පැමිණිලි ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව මේ ජ්‍යෙෂ්ඨ සිසුන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ නම්ද මේ වන විට ප්‍රකාශ වී තිබේ.


මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව කී එම කථිකාචාර්යවරයා එම පරීක්ෂණ වලින් පසුව මෙම සිසුන් පිළිබදව තීරණ දෙකක් ගන්නා බව පැවසීය.

ඉන් පලමු වැන්න පවත්නා නීතිය අනුව මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට වැරදි කළ සිසුන්ට අධිකරණමය ක්‍රියාදාමයක් ඔස්සේ කටයුතු කිරීම බවත් දෙවැන්න වන්නේ  විශ්ව විද්‍යාලයේ විනය කමිටුව විසින් අභ්‍යන්තරික වශයෙන් එම සිසුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයත් බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නවක සිසුන්ගේ පැමිණිලි වලට අනුව පරීක්ෂණ ආරම්භ වීමත් සමගම නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් තර්ජන එල්ල වන්නට පටන් ගෙන ඇති   බවට තවත් පැමිණිලි ලැබී ඇති බව කී කථිකාචාර්යවරයා නවක සිසුන්ගේ පැමිණිලිවල රහස්‍යභාවය සුරකින අතරතුර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩ පිළිවෙළක් ගෙන ඇතැයි පැවසීය.

Exit mobile version