යාපනය සරසවියේ නව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිවකොලුන්දු ශ්‍රී සත්කුණරාජා

දිනසේන රතුගමගේ

Professor Sivakolundu Srisatkunarajah

යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිවකොලුන්දු ශ්‍රී සත්කුණරාජා අද (28) සිය තනතුරේ වැඩ බාර ගන්නා ලදී.

ආගමික වතාවත් වලින් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු කීප දෙනෙකු විසින් නව උපකුලපතිවරයාව විශ්ව විද්‍යාලය වෙත කැඳවා ගෙන එනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ධුරය සඳහා නම් විස්සක් යෝජනා වී තිබූ අතර අවසානයේදී එම තනතුරට තේරී පත් වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාය.


Exit mobile version