යාපනය නගරසභාවට කොටි පොලිසියේ “මොඩ්ල් එකක්“ හදන්න හැදූ නගරාධිපති පොලිසියට….

දිනසේන රතුගමගේ –

යාපනය මහ නගර සභාව විසින් පිහිටුවා ඇති නාගරික පොලිස් බලකායේ නිලධාරීන්ගේ නිල ඇදුම අතීතයේ කොටි පොලීසියේ සාමාජිකයින්ගේ නිල ඇදුමට සමාන බවට ලද තොරතුරක් මත හා තවත් විරෝධතා කීපයක් නිසා  යාපනය පොලීසිය නගරාධිපතිවරයා කැදවා ඊයේ 7 දා ප්‍රශ්න කොට තිබේ.

යාපනය නගරාධිපති  විශ්වලිංගම් මනිවන්නන්ගේ අදහසකට අනුව නගර සභාව විසින් නාගරික පොලිස් බලකාය නමින් බලකායක් පිහිටුවා පලමු අදියරය යටතේ තරුණයින් පස් දෙනෙකු සේවයට යොදවා තිබේ..

යාපනය නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැලි කසල දමන්නන් අධීක්ෂණය කිරීම  දඩ මුදල් එකතු කිරීම කොරෝනා නීතිරීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම යන කටයුතුය.


නගර සභාවකට ආරක්ෂක අංශයක් මිස පොලිස් බලකායක් පිහිටුවීමට අවසරයක් නොමැති බවට විශාල විරෝධයක් යාපනයෙන්ම නැගී ඇති අතර ඔවුන්ට ලබා දී ඇති නිල ඇදුම අතීතයේ කොටි පොලිස් සාමාජිකයින්ගේ නිල අදුමට සමාන වීමත් නිසා පලමු නාගරික පොලිස් නිලධාරීන් පස් දෙනා සේවයේ යෙදවූ පලමු දිනයේම පොලීසියට පැමිණිලි ගණනාවක් ලැබී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා යාපනය පොලීසිය නගරාධිපතිවරයා කැදවා ප්‍රශ්න කොට ඇති අතර මේ සම්බන්ධයෙන් ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ලැබෙන උපදෙස් මත ඉදිරි කටයුතු කරගෙන යාමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.

Exit mobile version