යාපනයේ මිනීමරු කප්පම් කල්ලියේ ප්‍රධාන සැකකරුවන් ඉන්දියාවට පලා ගිහින්…

දිනසේන රතුගමගේ –

යාපනයේ  මිනීමැරුම් නිවෙස් වලට පහර දීම් කප්පම් ගැනීම් ඇතුලු අපරාධ රැසකට  සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කප්පම් වශයෙන් ගත් මුදල්ද සමග ඉන්දියාවට පලාගොස් ඇති බවට  යාපනය  පොලීසිය විසින් 26  අත් අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා පාපොච්චාරණය කොට තිබේ. 

යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම තරුණයින් හතර දෙනා අත් අඩංගුවට ගෙන තිබිණි.  පසුගියදා යාපනයේ මරදනාමඩම් ප්‍රදේශයේදී පලතුරු වෙළෙන්දෙකු කඩු වලින් කපා කොටා ඝාතනය කොට  ඇත්තේත් මේ කණ්ඩායම විසින් බවට ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී තොරතුරු හෙළි වී ඇත.   ඊට යොදාගත් කඩු හතරක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම කණ්ඩායම මෙහෙයවන ලද දේවා හා ජෙනී නැමති දෙදෙනා ඉන්දියාවට පලාගොස් ඇති බව පොලිස් අත් අඩංගුවට පත් සැකකරුවෝ පොලීසියට ප්‍රකාශ කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

Exit mobile version