යාපනයේ බස් රථයක් පෙරළී 03 දෙනෙකුට අසාධ්‍යයයි.. 22කට තුවාලයි…

දිනසේන රතුගමගේ –

යාපනයේ කලුන්දායී ප්‍රදේශයේදී අද (12) ලංගම බස් රථයක්   පාරෙන් ඉවතට පැන පෙරළී යාම නිසා බස් රථයේ ගමන් කළ මගීන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

යාපනයේ කරෙයිනගර් ඩිපෝවට අයත් එම බස් රථය කරෙයිනගර් සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී එය පෙරළී ගොස් තිබේ.

රියදුරා අධික වෙගයෙන් බස් රථය පැදවීම නිසා මේ අනතුර සිදුව ඇති බව මනිපායී පොලීසිය පවසන අතර දැනට රෝහල් ගත කොට සිටින අයගෙන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව යාපනය හා මනිපායී රෝහල් වල වෛද්‍යවරු ප්‍රකාශ කළහ. 


බස් රථය පෙරළී යාමෙන් පසුව එහි රියදුරා බස් රථය දමා පලා ගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා මනිපායී පොලීසිය පරීක්ෂණයක් ආරම්හ කොට තිබේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය හා මනිපායී පොලීසි  මෙම අනතුර පිළිබද්ව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version