යාපනයේ පරිසර නිලධාරියා කපා කොටා දැමූ මැරයෝ කොටු වෙති

හමුදා නිල ඇඳුම් හා අත්බෝම්බත් නිවෙස් තුළ තිබිලා...

දිනසේන රතුගමගේ –

මධ්‍යම පරිසර අධිකාරියේ යාපනය දිස්ත්‍රික් නිලධාරියාට ඔහුගේ කාර්යාලය ිහිටා ඇති යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපටදී ම  පහර දී කඩුවලින් කපා බරපතල තුවාල කරන ලද  සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු බෝම්බ කඩු හා යුද හමුදා ඇදුම් තොගයක් සමග යාපනය පොලීසිය විසින් ඊයේ (9) දා අත් අඩංගුවට ගත්තේය

පොන්නම්බලම් ප්‍රකාෂ්  නැමති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියා යාපනය දිසාපති කාර්යාලයේ සේවය සදහා යතුරු පැදියකින්  8 දා පැමිණෙමින් සිටියදී මේ මැරයන් පහර දී කඩුවලින් කපා පලාගොස් තිබුණේ දෙනෝ දාහක් බලාගෙන සිටිය දිය.

බරපතල ලෙස  තුවාල ලැබූ එම නිලධාරියා තවමත් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට පහර දීම සිදු කොට ඇත්තේ යාපනයේ  ක්‍රියාත්මක ජාගන්නැමති කඩු කල්ලිය විසින් බවට පොලීසිය  තොරතුරු අනාවරණය කර ගත්තේය


එම කණ්ඩායමේ නායකයා වන  කයිලේස් නැමැත්තාව යාපනයේ මරදනාමඩම් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඊට සමබන්ධ අනෙක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මෙම සැකකරුවන්නගෙන්  ප්‍රශ්න කර යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ පිහිටි නිවෙස් සෝදීසී කිරීමේදී අත්බෝම්බයක් කඩු තුනක් යතුරු පැදි දෙකක් යුද හමුදා ඇදුම් තොගයක් හා මෙම සැකකරුවන්ගේ නොවන ජාතික හැදුණුම්පත් කීපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ    

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කණ්ඩායම යුද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් භාවිත කරමින් යාපනයේ විවිධ අපරාධ සිදුකොට ඇති බව පවසන යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version