යාපනයේ තරුණියක් ලන්ඩනයේ ඥාති නිවසක දී අභිරහස් ලෙස මිය ගිහින්…

උසස්පෙළ සමත්ව සරසවි ප්‍රවේශය සපුරලා.... ලන්ඩන් ගිහින් තිබෙන්නෙ නිවාඩුවක් ගත කරන්න...

දිනසේන රතුගමගේ –

යාපනයේ තරුණියක් ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ නිවසකදී 7 දා රාත්‍රී අභිරහස් ලෙස මියගොස් තිබේ.

ශ්‍රී ස්කන්ධරාජා මධුෂා නැමති දහ නව හැවිරිදි මෙම තරුණිය මේ වන විට යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම සදහා සුදුසුකම් ලබා ඇති තරුණියකි.

ඇය උසස් පෙළ විභාගයෙන් පසුව ලන්ඩනයේ ඥාතී නිවසක් වෙත ගොස් එහි සිටියදී හදිසියේම මියගොස් තිබේ.


නිවසේ උදවිය ලන්ඩනයේ හැරෝ පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ ඇය නිවසේ සාලය මැද එක්වරම ඇද වැටුණු බවත් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලන්ඩන් හැරෝ පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version