යාපනයේ කඩු මැරයන් තිදෙනෙක් අත්අඩංගුවට….

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේදී පසුගිය කාලයේදී නිවාස වලට හා පුද්ගලයින්ට පහර දෙමින් දේපල විනාශ කළ මැර කණ්ඩායමෙන් තුන් දෙනෙකු මෙරට නිෂ්පාදනය කළ ආයුධ කීපයක් සමග 11 දා යාපනය පොලීසිය විසින් යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධීන් ගණනාවක්ම සිදු වූයේ යාපනයේ මනිපායී පොලිස් බල ප්‍රදේශය තුළ නිසා යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා මනිපායී පොලීසිය වෙත බාර දී තිබේ.
මෙම සැකකරුවන් තුන් දෙනා වයස අවුරුදු 23,24 හා 25 යන වයස් වල තරුණයෝ වෙති.

සැකකරුවන් ළග තිබූ කඩු දෙකක් කෙටේරී දෙකක් හා සැකකරුවන් විසින් කම්මල්වලදී සකසා ගත් විවිධ වර්ගයේ ආයුධ පහක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලීසිය හා මනිපායී පොලීසිය සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version