යාපනයේ කඩු කල්ලි ඝාතන අරඹති… කපා කොටා තරුණයෙක් මරා දමලා…

dead_body

දිනසේන රතුගමගේ –

යාපනය ගුරුනගර් තිරුවේලෙයි  සෞඛ්‍ය මධ්‍යස්ථානය අසලදී  එල්ල වූ කඩු ප්‍රහාරයකින් ඊයේ ( 23 ) දා තරුණයෙකු මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක පී.ග්‍රේන් නැමති  තරුණයෙකු වන අතර ඔහු  යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය තරුණයා සෞඛ්‍ය මධ්‍යස්ථානයට යමින් සිටියදී යතුරු පැදි වලින් පැමිණි තරුණයින් හතර දෙනෙකු ඔහුට කඩුවකින් පහර දී තිබේ.


පසුව ඔවුන් තරුණයාව අතහැර යතුරු පැදියේ නැගී පලා ගොස් ඇති අතර තුවාලකරු යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා යාපනය පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version